Monday, April 29, 2024

General line - 0115112241

වීඩියෝ මගින් පිරිස සොයා මෙහෙයුමක් - ඉන්දීය ශ්‍රී ලංකා තරගයේ 'කළහකාරී ප්‍රේක්ෂකයන්ට' අත්වන ඉරණම මෙන්න  




පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පෙරේදා (27 ) පැවැති ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට්  තරගය අතරතුර ක්‍රීඩකයන් වෙත වතුර බෝතල් හා ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

වීඩියෝ මගින් ඔවුන් හඳුනාගැනීමට කටයුතු කරන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉදිරියේදී  පැවැත්වෙන තරගවලදී  අශෝභන ලෙස හැසිරෙන  පුද්ගලයන්ට  එරෙහිව එම අවස්ථාවේදීම  ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසියට උපදෙස් ලැබී ඇති අතර ක්‍රිකට්‌ තරගවල ආරක්‍ෂාවට  සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් ද ක්‍රීඩාංගණයේ රැඳවීමට තීරණය වී තිබෙනවා.