Friday, May 3, 2024

General line - 0115112241

ලෝක කුසලානය දිනූ ක්‍රීඩකයන්  රහසිගත හමුවක - තොරතුරු මෙන්න!




96 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයින් කොළඹ හෝටලයකදී සාදයක් පවත්වා ඇතැයි වාර්තා වනවා. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වර්තමාන කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ විසින් මෙම සාදය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සාදයට  96 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ. 

මතුව ඇති ක‍්‍රිකට් අර්බුධය පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා  කර ඇති බවද වාර්තා වනවා.

96 කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේ වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විවිධ තනතුරු හොබවන අතර ඔවුන් මෙලෙස වෙනම හමු වී සාදයක් පැවැත්වීම මතභේදයට තුඩුදී ඇති බවයි වාර්තා වන්නේ.