එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා පරිමාණ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ලෝක නායකයින්ගෙන් සහය ඉල්ලීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සූදානම් වනවා.
එක්සත් ජාතීන්ගේ මීළඟ මහ සමුළුවට පෙර ලෝක නායකයින් හමු වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටයි ඩොනල්ඞ් ට්රම්ප් සැලසුම් කර තිබෙන්නේ.
අදාළ යෝජනාවලියට කරුණු 10ක් ඇතුළත් වන බව විදෙස් වාර්තා පවසනවා.