Sunday, April 28, 2024

General line - 0115112241

2022 දී ක්‍රිකට් ඉවත් කරනවාලු




2022 වසරේ දකුණු අප‍්‍රිකාවේ ඩර්බන්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ, ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි කිහිපයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන සමයේ සංවිධානය වීම හේතුවෙන්. 

කාන්තා සහ පිරිමි යන අංශ දෙකෙන්ම ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළත් කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් ඊට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ද මෙතෙක් නිල අවසරයක් ලැබී නැහැ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල 2022 ජූලි සහ අගෝස්තු යන මාසවල දී පැවැත්වෙනවා.

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලිය හා ඉන්දියා - එංගලන්ත තරගාවලිය ද පැවැත්වෙන්නේ එම කාලයේදීයි. පළමු සහ අවසන් අවස්ථාව ලෙස මීට පෙර 1998 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළත් වුණා.