Saturday, October 19, 2024

General line - 0115112241

අරණායක පිංකම් මාලාව අදින් අවසන්




අරණායක, රහල බටහිර, ශ‍්‍රී බෝධිරුක්ඛාරාමයේදී සිදු කෙරෙන ශ‍්‍රී සර්වඥ ධාතූන් වන්දනාව අද (21) දිනයෙන් අවසන් වනවා.

ශ‍්‍රී සර්වඥ ධාතු වන්දනාව සංවිධාන කර තිබෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එක්වයි.

මෙම පිංකම් මාලාවට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක්ද අද කි‍්‍රයාත්මකයි.

කොබ්බෑකඩුව, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ අද දහවල් ආරම්භ කෙරෙන සර්වඥ ධාතූන් වැඳ පුදා ගැනීමේ අවස්ථාව මධ්‍යම රාත්‍රියේ නිමාවට පත් කෙරෙන බවයි. ඒත් සමගම ආරණායක දී සිදු කරන්නට යෙදුනු පිංකම් මාලාවද අවසන් කෙරෙන බවත් සඳහන් කළා.


ශී‍්‍ර සර්වඥ ධාතූ වන්දනාව අද දිනයේත්

(Jul 20, 2016 @ 09:57)

නෙත් එෆ් එම් රේඩියෝව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා එක්ව සංවිධාන කරන ශී‍්‍ර සර්වඥ ධාතූ වන්දනාව අද (20) දිනයේද පැවැත්වෙනවා.

ඒ අරණායක බටහිර රහල ශී‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදීයි. පස්වරු එකට මෙම පිංකම ආරම්භ වීමට නියමිතයි.

ඊයේ (19) දිනයේද අති විශාල සැදැහැවතුන් පිරිසක් සර්වඥ ධාතූන් වැඳ පුදා ගැනීම සඳහා පැමිණ සිටි බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර පැවසුවේ.