Monday, April 29, 2024

General line - 0115112241

පරිපාලන සේවා විභාගය 17,23 සහ 24 !




ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයේ දෙවන අදියර මේ මස 17, 23 හා 24 යන දිනයන්හි දී පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර සඳහන් කළේ කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත‍්‍රික්කයන්හි පිහිටි මධ්‍යස්ථාන 92ක දී විභාගය පැවැත්වෙන බවයි.

සියලූ අයදුම්කරුවන් සඳහා විභාග ප‍්‍රවේශපත‍්‍ර සැප්තැම්බර් මස 06 වන දින තැපැල් කර යවා තිබෙනවා. ප‍්‍රවේශපත‍්‍ර සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් 0112 78 52 30 හෝ 0112 17 70 75 යන දුරකතන අංකවලින් විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි. එමෙන්ම පැය 24 පුරා ක‍්‍රියාත්මක 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.