Monday, April 29, 2024

General line - 0115112241

අගමැති කළ විශේෂ ප්‍රකාශයට අනුර කුමාර කියපු කතාව

සමන්ත කුමාර - පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට




මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා වැය කරන මුදල සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පල කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා.ඒ අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය  කරන මුදල සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද අදාල ව්‍යාපෘතිය භාර ජපානයේ ටයිසේ සමාගම සමග සාකච්ඡා කර රුපියල් මිලියන 25000ක් අඩු කර ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වඩිදුරටත් කියා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සදහා නියමිත ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කර නොමැති බවයි.