Saturday, April 27, 2024

General line - 0115112241

ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු අරන් පැන්න කඩුල්ල




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.

ඒ අනුව තරග 03කින් සමන්විත මෙම ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙකට එකක් ලෙස ජය හිමිවූයේ ද එංගලන්ත කණ්ඩායමටයි. 

කොදෙව් කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 123ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉණිමට ලකුණු 194ක් රැස් කළා.

කොදෙව් කණ්ඩායමේ දෙවන ඉණිම ලකුණු 177කට සීමා වුණා. ඒ අනුව ජයග‍්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 107ක්.

ඔවුන් එම ඉලක්කය එක් කඩුල්ලක් දැවී පසුකර යාමට සමත් වුණා. මෙම තරගයේ දී එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් කඩුලූ 500 සීමාව පසු කිරීම ද විශේෂත්වයක්.