Wednesday, May 15, 2024

General line - 0115112241

"ඉර්මා" නිසා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලක්ෂ 64ක් අවතැන් වෙයි 




ඉර්මා සුළිකුණාටුව හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මේ වනවිට ලක්ෂ 64 පමණ ජනතා ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කර ඇති බව එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීන් පවසනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දකුණු තීරයේ සහ ප්‍රාන්ත අභ්‍යන්තරයේ ශක්තිමත් නොවන නිවාස වල ජීවත් වෙන මහජනතාවටත් ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානවලට ගමන් කරන ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

කුණාටු වර්ග කිරීම් අනුව තුන්වන ප්‍රභේදයට ඇතුළත් කරනු ලැබ ඇති ඉර්මා සුළිකුණාටුව හමා යමින් පවතින්නේ පැයට කිලෝමීටර් 300 පමණ වේගයකින්.

ජනතාව ආරක්ෂාව පතා ප්‍රාන්තයේ උතුරු දෙසට ගමන් ගැනීම ආරම්භ කිරීමත් සමඟ මහාමාර්ගවල විශාල රථ වාහන තදබදයක් මෙන්ම ඉන්ධන හිඟයක් ද මතුව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.

Weather Forecast MapsTemperature, 2 m above ground, 26°N 82°W, 2017/09/10 9:30 AM (UTC+05:30), © VentuSky.com