Wednesday, May 15, 2024

General line - 0115112241

උතුරු කොරියාවෙන් ශ්‍රී ලංකාවට නීතිවිරෝධී භාණ්ඩ යවා ඇතැයි ජගත් සංවිධානයෙන් චෝදනා




තම සම්බාධක නොතකා උතුරු කොරියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට නීතිවිරෝධී ලෙස  භාණ්ඩ තොග යවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරනවා.

උතුරු කොරියාව පසුගිය වසරේ දෙසැම්බරයේ සිට මාස 6ක පමණ කාලයක් ගල් අඟුරු, යකඩ ආදී භාණ්ඩ තොග කිහිපයක් මෙලෙස එවා ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට, ඉන්දියාවට හා චීනයට මෙම භාණ්ඩ එවා තිබෙන බවට හෙලිවී තිබෙනවා.

එම භාණ්ඩ තොගවල වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 240කට අධිකයි.

ජගත් සංවිධානයේ විශේෂඥයන් 8 දෙනෙකුගෙන් යුක්ත විමර්ශන මණ්ඩලයක් විසින් උතුරු කොරියාව සම්බාධක කඩකිරීම පිළිබඳ සකස් කරන ලද වාර්තාවකින් මෙම කරුණු අනාවරණය වී තිබුණා.

එම වාර්තාව පිටු 111කින් යුක්තයි. අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උතුරු කොරියාවට නව සම්බාධක පැනවීම පිළිබඳ අමෙරිකාව උත්සුක වී තිබෙනවා.

ඒ අනුව උතුරු කොරියාවෙන් තෙල්, ස්වභාවික ගෑස් ආදිය අපනයනය තහනම් කිරීම මෙන්ම, එරට තුළ ඇති විදේශ සංචිත අත්හිටුවීමටයි අමෙරිකාව සූදානම් වන්නේ.