Tuesday, May 14, 2024

General line - 0115112241

තව පැයකින් "ඉර්මා" ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළුවෙයි




ඉර්මා සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය ආසන්නයට පැමිණ තිබෙනවා. 

ඒ, පැයට කිලෝමීටර් 209ක වේගයෙන් හමායන සුළංද සමගයි. අධික සුළං සමග දූපත අවට මුහුදු තීරයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා. 

සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසෙන්නේ ෆ්ලොරීඩාවේ දකුණුදිග ප්‍රදේශයටයි. 

තවත් නොබෝ වේලාවකින් ඉර්මා සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ජීවත්වන සංඛ්‍යාව මිලියන 6.3ක්. එය අමෙරිකානු ජනගහණයෙන් 30%ක් පමණ වනවා.