Monday, April 29, 2024

General line - 0115112241

වසර 8කට පසු ශ්‍රී ලංකා පිල පාකිස්තනයට




ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තවත් ඓතිහාසික අවස්ථාවක් උද වනවා.

, ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමුවරට දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගී වීමේ අවස්ථාවයි.

මෙම තරගය පකිස්තානයට එරෙහි දෙවන තරගය වනවා. එය පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි. ඔක්තෝබර් 06 වනදා සිට 10 වනදා දක්වා තරගය පැවැත්වෙනු ඇති.

මෙම කරුණු අනාවරණ වූයේ ශ්‍රී ලංකා - පකිස්තාන තරග කාල සටහන අද(10) එළිදැක්වීමත් සමගයි.

ඒ අනුව දෙරට අතර පළමු තරගය ලබන 28 වනදා අබුඩාබිහිදී පැවැත්වෙනවා.

තරගාවලියට එක්දින තරග 05ක් ද ඇතුළත්. දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 තරග සංඛ්‍යාව 03ක්.

එහි අවසන් තරගය පැවැත්වෙන්නේ පකිස්තානයේ ලාහෝර් නුවරදීයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පකිස්තානයට පැමිණෙන්නේ වසර 08කට පසුව වීමද විශේෂත්වයක්. ඒ, 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.