Monday, April 29, 2024

General line - 0115112241

සුපිරි ක්‍රීඩකයන් සංගක්කාර යටතට පත් වූ හැටි




ඉකුත්දා අවසන් වූ කැරිබියන් ප‍්‍රිමියර් ලීග් - 2017 ක‍්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ සුපිරිතම ක‍්‍රීඩකයින්ගේ කණ්ඩායමේ නායකත්වය ශ‍්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට පිරිනමා තිබෙනවා.

මෙවර තරගාවලියේ දී ඔහු ලකුණු 379ක් රැස්කර ගෙන ඇත්තේ තරග 05කට ක‍්‍රීඩා කරමින්.

ඊට අර්ධ ශතක 04ක් ද ඇතුළත්. සංගක්කාර මෙවර තරගාවලියේ දී ජැමෙයිකා කණ්ඩායමට නායකත්වය ද ලබාදුන්නා.

මෙම කණ්ඩායමට අයත් ක‍්‍රීඩකයින් අතරට නවසීලන්තයේ හිටපු නායක බ්‍රෙන්ඩම් මැකලම්ද ඇතුළත්. 

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් - 2017 ක‍්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනා ගත්තේ ටි‍්‍රන්බැගෝ නයිට් රයිඩර් කණ්ඩායමයි.