ඔක්තෝම්බර් මස ආරම්භ වීමට නියමිත ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සහය පළ කරමින් මත්ස්‍ය පැටවුන් ජලාශවලට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඔක්තෝම්බර් මාසය තුළදී මත්ස්‍ය පැටවුන් මිලියන 05ක් පමණ ජලාශ වෙත මුදා හැරීමට තීරණය කර ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
ඉකුත් සමයේ දිවයිනට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් ඇතැම් ජලාශ සම්පූර්ණයෙන් සිඳී ගිය අතර එය මත්ස්‍ය සම්පතට දැඩි බලපෑමක් එල්ල වුණා.
විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා සහ ආහාර ජාතික නිෂ්පාදන වැඩසටහන ශක්තිමත් කිරිම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.