Saturday, December 28, 2024

General line - 0115112241

සයිටම් ආයතනයට නවක වෛද්‍ය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවයි

සමන්ත කුමාර




සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි වැඩසටහන් සඳහා සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිඛෙනවා.

, අදාළ ගැටලූ විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශවලට අනුවයි.

ඒ අනුව 2017 දෙසැම්බර් 31 වනදා හෝ වෛද්‍ය ආඥා පනත යටතේ අවම සම්මත රීති ගැසට් කරන තුරු යන දෙකෙන් මුලින් සිදුවන කි්‍රයාව සිදුවන තුරු සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම අත්හිටුවනු ඇති.

උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම නිර්දේශ විශ්ව විද්‍යාල පනතේ 70 වන වගන්තිය යටතේ ඊයේ (15) දිනයේ එම ආයතනයට දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ගැටලූ විසඳීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ඉකුත් 11 වනදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා.

මීට අමතරව කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කර එළඹෙන නිගමනයන් අනුව ක්‍රියාත්මක කිරීම සඳහා රජය සනිටුහන් කර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්, නීතිපතිවරයාගේ නියෝජිතයෙක් මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාද ඇතුළත් වනවා.

කමිටුව ලබාදී ඇති නිර්දේශ සහිත වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමටද කටයුතු යොදා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

මෙම ධනාත්මක පියවර සමග සරසවි සිසුන්, ආචාර්ය මණ්ඩලය, පීඨාධිපතිවරුන් ඇතුළු සියලූ පාර්ශව සරසවි වෛද්‍ය පීඨ නැවත ආරම්භ කිරිමට කටයුතු කරනු ඇතැයි රජය අපේක‍ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.