Monday, May 6, 2024

General line - 0115112241

අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයි




එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අද (19) ආරම්භ වනවා.

මෙවර එහි තේමාව වන්නේ ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම’’යන්නයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජගත් මහා මණ්ඩලය අද (19) ඇමතීමට නියමිතයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජගත් මහා මණ්ඩල සැසිය අමතන තුන්වැනි අවස්ථාව මෙය වනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතයි.