Monday, May 6, 2024

General line - 0115112241

බැලුම්ගල වැඩසටහනක් පළාත් සභාවක් උණුසුම් කරයි




‘‘බස්රථවලින් කප්පම් ලබාගන්නා ඇමති කල්ලිය’’ නමින් ඉකුත් සිකුරාදා සිදුකල නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට වයඹ පළාත් සභාවේදී අද (19) ප‍්‍රසාදය පළ වුණා.

පළාත් සභා මන්තී‍්‍ර සමන්පි‍්‍රය හේරත් එහිදී කියාසිටියේ කිසිවෙකුත් මෙතෙක් අනාවරණ නොකළ ජාවාරමක් බැලුම්ගල වැඩසටහන හේතුවෙන් මුළු රටටම අනාවරණ වූ බවයි. 

මේ සම්බන්ධයෙන් කතාබහ දිගින් දිගටම සිදුවෙද්දී සභාව තුළ දැඩි වචන හුවමාරුවක්ද සිදු ව තිබෙනවා.

අදාළ කරුණු පාදක කර ගනිමින් වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඉදිරියේදී පැමිණිල්ලක් කරන බවයි මෙහිදී අදහස් දැක්වූ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක කියාසිටියේ.

 

(පසුගිය බැලුම්ගල වැඩසටහන් සඳහා මෙතනින් පිවිසෙන්න..)