Sunday, May 12, 2024

General line - 0115112241

ජේ.ඒ.එන්.පෙරේරාගේ පුහුණු දිවියට පනස් වසයි!




ප්‍රවීණ හොකී පුහුණුකරුවෙකු වන ජේ.ඒ.එන්.පෙරේරාගේ 50වසරක් පුහුණුකරුවෙකු වශයෙන් සේවය කිරීම වෙනුවෙන් උපහාර උත්සවයක් පැවැත්වුණා. ඒ,නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ ඇතුළු හොකී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමේ කළමනාකරු වශයෙන් මෙන්ම සම්මේලනයේ තාක්ෂණික අංශය බාරව කටයුතු කළේද ජේ.ඒ.එන්.පෙරේරායි.

ඔහු මේවන විට ශ්‍රී ලංකා පොලිසිය,කෝල්ට්ස් ක්‍රීඩා සමාජය,කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායම සහ නාවල ජනාධිපති බාලිකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කරනු ලබනවා.