Wednesday, May 1, 2024

General line - 0115112241

අකිල විරාජ් නිවේදන නිකුත් කරන්න කලින් චක්‍රලේඛ බලල ඉන්න! හෙට වෛද්‍ය තෙල් ගුරු වර්ජනයක්!




සැළසුම් කළ පරිදී හෙට දිනයේ එක් දින සංකේත වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ග් සංගමය පවසනවා. ඒ සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවලට අයත් පාර්ශව කිහිපයක්ද සහය දක්වන බවයි එම සංගමය අද කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ. මෙම මාධ්‍ය හමුවට රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, ලංකා ගුරු සේවා සංගමය සහ ඛනිජ තෙල් ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයද එක්ව සිටියා.

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට පියවර ගන්නා තෙක් ඊට එරෙහිව අරගල සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහද අදහස් පළ කළා.

"හෙට දවසේ අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදියට එක්දින සංකේත වැඩවර්ජනයක් කරනව. එහෙම වෙලාවක ඒ සාමාජිකයෝ සිටින පාසල්වලට ගිහින් දැනුවත් කරන්න අයිතියක් වෘත්තීය සමිතිවලට තියෙනව. අකිල විරාජ් නිවේදන නිකුත් කරන්න කලින් චක්‍රලේඛ බලල ඉන්න. ලයිස්තු ගන්න ලෑස්ති වෙනව. බිය වැදීම් කරනව. නිල වශයෙන් අපි දැනුම්දීල නැහැ කියනව. අධ්‍යාපන ලේකම්වරයටත් සියළු අමාත්‍යංශ ලේකම්වරුන්ටත් දැනුම් දීල තිබෙනව මේක ලිඛිතව.

මෙරට සියලූම විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ බියවැද්දීම්වලට බිය නොවී හෙට දිනයේ අසනීප නිවාඩු ගන්නා ලෙසයි"