Wednesday, May 1, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත 2/3 න් ජය ගනී (UPDATE)

සමන්ත කුමාර - පාර්ලිමේන්තුවේ සිට




පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වෙයි. පක්ෂව ඡන්ද - 159 විපක්ෂව ඡන්ද - 37යි.

------------------------------------------------------

2/3 ගන්න ගෙදර ඉන්න මන්ත්‍රීවරු එනකම් ඡන්දය කල් අරිනවා! 

20-09-2017 20:13

 

පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව පනත් කෙටුම්පත  ඡන්දය වැඩි ඡන්ද 111න් ජය ගත්තා. එය පැවැත්වීම පස්වරු 6.30ට නියමිතව තිබුණද එය පැවැතවූයේ රාත්‍රී 8ට පමණය. ඊට විපක්ෂව ඡන්ද 43ක් සහ පක්ෂව ඡන්ද 154ක් ලැබුණා.

නීතිපතිවරයා අද කතානායකවරයාට පවසා සිටියේ මේ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් මෙම කෙටුම්පත සම්මත වියයුතු බවය. 

පාර්ලිමේන්තුව මෙතරම් වේලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් කතානායකවරයාට චෝදනා කරමින් අදහස් දැක්වූ කෙහෙලිය රඹුක්වැල්ල සහ ජයන්ත සමරවීර යන විපක්ෂ මන්ත්‍රීවරු පවසන්නේ තුනෙන් දෙකක ඡන්ද ලබා ගැනීම සඳහා නිවෙස්වල සිටින මන්ත්‍රීවරු ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය. 

ඡන්ද විමසීම සඳහා පිට පළාත්වල සිටින ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් ගෙන ඒමට හෙළිකොප්ටර් යානාද යොදා ඇති බවයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා.