Tuesday, May 14, 2024

General line - 0115112241

හතරේ 15යි හයක් එක්ක සංගා රැස් කළ අලුත්ම ශතකය




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සරේ කණ්ඩායම වෙනුවෙන් තවත් පළමු පෙළ ශතකයක් වාර්තා කළා.

ඒ සමර්සෙට් කණ්ඩායමට එරෙහිවයි. සමර්සෙට් සහ සරේ කණ්ඩායම් දෙක අතර ඊයේ (20) පැවැත්වුණේ පළමු පෙළ තරගයේ දෙවැනි දින තරගයේදීයි.

මෙම තරගයේ ලකුණු 59කින් සහ කඩුලු 04 කින් පෙරමුණ ගැනීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම සමත් වී සිටිනවා. මෙම තරගයේ කුමාර් සංගක්කාර නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 119ක්.

එහිදී ඔහුගේ ලකුණු රැස් කිරීමේ වේගය සටහන්ව ඇත්තේ 62.96ක් ලෙසයි. එහිදී ඔහු වාර්තා කළ හතරේ පහර සංඛ්‍යාව 15 ක්. හයේ පහරක් ඊට ඇතුළත්. පන්දු 189 ක් තුළ ඔහු මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා.