Monday, May 6, 2024

General line - 0115112241

හිටපු ජනපති නිල නිවසට තියුණු ආයුධයක් අරන් ඇතුළුවීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට!




හිටපු ජනපති නිල නිවසට තියුණු ආයුධයක් ඇතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ 07 විජේරාම මාවතේ මෙම නිවස පිහිටා තිබෙනවා.

අසංක ජයමාල් වීරසිංහ නම්වන ඔහු බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා.  බෙලිහුල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක කලක් මහණව සිට ඇති මෙම පුද්ගලයා 1992 වසරේ උපන් අයෙකි.

හිටපු ජනපතිවරයා හමුවීමට බව පවසමින් පැමිණි ඔහුට, හිටපු ජනාධිපතිවරයා හමුවීමේ අවස්ථාව නොලැබුණු විට ගමන්මල්ලෙන් ඉවතටගත් තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

පසුව අයුතු ඇතුළුවීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගැනුනා.

ඔහු මීට පෙර ද මෙලෙස පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.  මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවටයි පැවසෙන්නේ.