Monday, May 6, 2024

General line - 0115112241

අලූතින් දූෂණ විරෝධි මහාධිකරණයක්




දූෂණ විරෝධි මහාධිකරණයක් අලූතින් පිහිටුවීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිඛෙනවා.

එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ නෛතික කටයුතු හා මාධ්‍ය කටයුතු පිළිබ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින්.

එම කාරක සභාව ඉකුත් බදාදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ යුක්තිය පසිලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවේ මේ බව සඳහන්.

මහාධිකරණ විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩල 03ක් මගින් අඛණ්ඩව නඩු විභාග පැවැත්වීමටයි එමගින් යෝජනා කර ඇත්තේ.

රුපියල් මිලියන 05කට වැඩි වටිනාකමකින් යුත් අල්ලස්, වත්කම්, දූෂණ, මුදල් විශ=ද්ධිකරණය වැනි අක්‍රමිකතා පිළිබඳ විශේෂ අධිකරණ විභාග අනිවාර්යයෙන් පැවැත්වීමට ද එමගින් යෝජනා කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110ක් දක්වා වැඩි කිරීම, නඩු විශාල වශයෙන් ගොඩගැසී ඇති ප්‍රදේශ සහා අලූතින් මහාධිකරණ 10ක් පිහිටුවීම ඇතුළු තවත් යෝජනා ගණනාවක් ද මෙම වාර්තාවේ ඇතුළත්.

අදාළ යෝජනා මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට ද එම ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර තිඛෙනවා.