හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩි කේ පී දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 06 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.
2008, 2009 කාල සීමාව තුළදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා යටතේ හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.