Sunday, September 8, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය නොවන සහ සෞඛ්‍යයට අහිතකර ආහාර ආනයනය කිරීම වහාම නතර කිරිමට පියවර




අත්‍යවශ්‍ය නොවන සහ සෞඛ්‍යයට අහිතකර ආහාර විදේශ රටවලින් ආනයනය කිරීම වහාම නතර කිරීමට ජාතික ආර්ථීක සභාව හරහා ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කළුතර, බෝම්බුවල සේවා සංරක්ෂණ අභ්‍යාස ආයතනයේ පැවැත්වන කෘෂිකර්ම ප්‍රදර්ශනයක් විවෘත කරමින්.

දේශීය ලොකු ළුණු ගොවීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ආනයනික ලොකු ලූණු සඳහා සියයට සියයක බද්දක් පැනවීමට මුදල් ආමාත්‍යාංශයට තම උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.