Saturday, May 18, 2024

General line - 0115112241

ෆොන්සේකා කිව්වයි කියා සිවාජිලිංගම් ජිනීවා ගිහින් කළ කතාව ගැන රජයේ ස්ථාවරය




අමාත්‍ය ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඉකුත්දා ජිනිවාහිදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කළ කතාව ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

එම්. කේ. සිවාජිලිංගම් මෙම කතාවේදී අවධාරණය කළේ යුද්ධය පැවති සමයේදී ශ‍්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදු කර ඇතැයි එවක යුද්ධයට නායකත්වය දුන් අමාත්‍ය ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් කරන ප‍්‍රකාශවලින් තහවුරු වන බවයි. ඒ නිසා ඉදිරිපත් වී තිබෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුුවිය යුතු බවද ඔහු කියා සිටියා. 

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඊට දැක්වූවේ මෙවැනි ප‍්‍රතිචාරයක්.

"අපි රජයක් හැටියට ඒ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා. සිවාජිලිංගම් ඉදිරිපත් කරන කරුණු ජාත්‍යන්තරය පිළිගන්නෙත් නැහැ. ඔහු ඊළාම් සිහිනය දකින කොටි හිතවාදියෙක්. අද ඔහුගේ දේශපාලනය දෙමළ ජනතාවත් ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. මෙතන වෙලා තියෙන්නේ විවිධ කාරණා ඔහුට ඕන විහිදට අර්ථ නිරූපණ කරලා ඉදිරිපත් කිරීම. ඒක විමසිල්ලෙන් බලන එකයි අපි කළ යුත්තේ."