Saturday, May 18, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ ගිය ලොරිය පිවිසුම් දොරටුවත් ගලවන් ගිය හැටි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට 




දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම, නිල්වලා පිවිසුම් දොරටුවේ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එම දොරටුවේ පිටවුම් කවුළුවකට දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.

කොළඹ සිට හක්මන දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ඊයේ (25) රාත්‍රී 11.25ට පමණ මෙසේ අනතුරට පත්වී ඇති අතර අනතුරින් ලොරි රථයේ සහයකයා තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රියදුරාට නින්දයාමෙන් අනතුර සිදුව ඇති බවට සැකකරන අතර මේ සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.