ගෑස් මිල ඉහළ නැංවීමත් සමග ආපන ශාලා හිමියන් කබලෙන් ලිපට වැටී ඇතැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ ආහාර මිල වැඩි කිරීමට සිදුවන බවයි.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අද රැස්වෙනවා..අපි මේ ගැන තීරණයක් ගන්නාව. අනිවාර්යයෙන් ආහාරවල මිල ගණන් වැඩි කරන්න වෙනවා. ආහාර වර්ග 03ක් ගැන ප්‍රමුඛ අවධානය දීලා තියෙනවා මිල වැඩි කිරීම කෙරෙහි. බත් පැකට්, කිරි තේ සහ කෙටි ආහාරවල අවම සිල්ලර මිලක් අද දිනයේදී අපි අනිවාර්යයෙන්ම තීරණය කරනවා. අපි ඒක පාරිභෝගික අධිකාරිය හරහා ක්‍රියාත්මක කරවනවා.." යනුවෙනි.
ගෑස් මිල ඊයේ (25) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහල නැංවුනා. ඒ අනුව ලිට්රෝ සමාගමේ කිලෝග‍්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කොළඹ වෙළඳපොළේදී රුපියල් 110කින් වැඩි වී තිබෙනවා.
ප‍්‍රවාහන සහ සෙසු අතිරේක වියදම්ද එකතු කර මීට සමගාමීව කොළඹින් බැහැර ප‍්‍රදේශවල ගෑස් මිල ද වැඩි වී තිබෙනවා.