ලන්ච් ෂිට් සහ ෂොපිං බෑග් ඇතුළු පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් කරමින් ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා සිට පැනවූ නීති තවමත් ඵලදායි ලෙස ක්‍රියාත්මක නොවන බව පරිසර සංවිධාන පවසනවා.
පරිසර සංරක්ෂණ භාරයේ අධ්යක්ෂ පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ තහනම් කළ පොලිතීන් නිෂ්පාදන වෙනුවට සුදුසු වෙනත් විකල්ප මේ දක්වා හඳුන්වා දී නොමැති බවයි.
එසේ තිබියදී මෙම තහනම ඵලදායී වේයැයි අපේක්ෂා කළ නොහැකි බවද ඔහු පැවසුවා.
පොලිතීන් තහනමෙහි සැබෑ අරමුණ ඉටු කර ගැනීමට නම් සුදුසු විකල්ප හඳුන්වා දීමට පර්යේෂකයන් සහ ව්‍යාපාරිකයන් දිරිමත් කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී අදාළ පොලිතින් තහනම පනවමින් මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ මෙම තහනම එකවර නොව අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බවයි.
විකල්ප සඳහා හුරු වීමට පාරිභෝගිකයන්ට අතිරේක කාලයක් ලබා දෙන බවද නීතිය පිළිනොපදින ව්‍යාපාරිකයන්ට එරෙහිව ක්‍රමානුකූලව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔවුන් කියා සිටියා.