Saturday, May 18, 2024

General line - 0115112241

ලොව දිගම ඔසරිපොටේ පරීක්ෂණ පුළුල් කරන්න වෙයි




ලොව දිගම ඔසරිපොට සඳහා වන ගිනස් වාර්තාවක් පිහිටුවිමට පාසල් දැරියන් යොදා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් පුළුල් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.

පාසල් දැරියන් මෙලෙස යොදා ගැනීමෙන් අපරාධ නීතිය ද උල්ලංඝණය වී ඇත්දැයි මෙහිදී සොයා බැලීමට නියමිතයි.

මේ සඳහා ජාතික ළමා රක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ද සහාය ලබා ගැනෙනු ඇති. 

ප‍්‍රශ්නගත විවාහ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණේ ද යන්න මෙහිදී අවධානයට ගැනෙන එක් කරුණක්.

දැරියන්ට ඇවිදගෙන යාමට සිදුවූ දුර සහ හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් යොදා ගැනීමට ගිලන් රථ කැඳවා තිබුණේදැයිද යන්නත් තවදුරටත් අවධානයට ගනු ඇති.