Monday, May 6, 2024

General line - 0115112241

බස් රථයක් පැහැර ගනී




මතුගම නගරයේදී අද (27) අලුයම පෞද්ගලික බස් රථයක් පැහැරගෙන ගොස් තිබෙනවා.

WP NA - 5408 දරණ අංකය හිමි නිල් පැහැති මෙම බස් රථය මතුගම නගරයේ නවතා තිබියදීයි පැහැරගැනීමට ලක්ව ඇත්තේ.

කෙසේවෙතත් බස් රථයේ මගීන් සිට නැති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් ලැබී ඇති පොලිස් ආරංචි අනුව අද උදෑසන 8.30ට පමණ බස් රථය පානදුර ප්‍රදේශයේ නවතා තිබී යළි ධාවනය වී ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

ඒ අනුව බස් රථය සොයා පොලිස් පරීක්ෂණ පුළුල් කර තිබෙනවා.