Friday, November 1, 2024

General line - 0115112241

බියකරු බලයක් ගැන මහින්ද අනතුරු අඟවයි




පිහිටුවීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් පාවාදීමක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මෙය, යටගියාව සම්බන්ධයෙන් සෙවීමට අලුතින් පිහිටුවන බවට ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු වූ ආයතනවලින් එකක් වන බවයි.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ කොටසක් නොවනු ඇතැයි ද සෙසු රාජ්‍ය ආයතනවලට බලපාන සාමාන්‍ය නීති නොසලකා කටයුතු කිරීමට ඊට හැකිවනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කාර්යාලයක් කියා මෙය හැඳින්වූවත් මෙම ආයතනය එහි ස්වභාවය අනුව විමර්ශන සභාවක් වන බවද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්. සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත් කැඳවුම් නියෝග නිකුත් කිරීමටත් ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ හමුදා කඳවුරකට පූර්ව දැනුම් දීමක් නොමැතිව ඇතුළු වීමටත් මෙහි නිලධාරීන්ට හැකිවන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළැඹීමට ඇති හැකියාව ද අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබෙන බියකරු බලයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. තොරතුරු දැනගැනීමේ පනත ද මෙම ආයතනය සම්බන්ධයෙන් බලරහිත වන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

OMP Sinhala 20 July 2016-1 OMP Sinhala 20 July 2016-2