Friday, May 3, 2024

General line - 0115112241

 පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව කඩුලූ 04යි ලකුණු 227යි (UPDATE)




ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රි ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලූ 04ක්දැවී ලකුණු 227ක් ලබා සිටියා.

ශ‍්‍රී ලංකා ඉණිමේ මුල් කඩුලූ 03 දැවී ගියේ ලකුණු 61ක් තුළදියි. දිමුත් කරුණාරත්න ලකුණු 93ක් රැුස් කර සිටියදි දුවද්දී දැවී යාමකට හසුවුණා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 59යි. අනෙක් අන්තයේ නොදැවී ක‍්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් ලබා සිටියා. 

----------------------------------------------------------------

මැදපෙරදිග සටන දැන් ඇරඹුණා - ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී

28-09-2017 11:05

ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත්තා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

මෙම තරගය අබුඩාබි නුවරදී පැවැත්වෙනවා.

.....................

ජයග්‍රහණයේ පිපාසය සමග 'ශ්‍රී ලංකාව අද' වැලිකතරේ කි‍්‍රකට් පිටියට

28-09-2017 07:46

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (28) ආරම්භ වනවා. 

එ් අබුඩාබි හි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගණයේදීයි. 

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පැවැත්වුණේ 2015 වසරේදීයි. තරග 3කින් සමන්විත එම තරගාවලිය 2 ට 1ක් ලෙස ජය ගැනීමටද පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. 

අබුඩාබි හිදි අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 11. 30 ට ආරම්භ වීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව මේ වන විට අන්තර් ජාතික ටෙස්ට් ශේ‍්‍රණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර පාකිස්තානය එහි හය වැනි ස්ථානයට හිමිකම් කියනවා. 

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 51ක්. ඉන් තරග 19ක ජය පාකිස්තානය හිමිකර ගත් අතර ශී‍්‍ර ලංකාව තරග 14ක ජය හිමිකර ගත්තා. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 18ක්.  

අද තරගය ආරම්භ වන අබුඩාබි හි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගණයේ දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග දෙකක් පවත්වා තිබෙනවා. එම තරග දෙකම අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි. 

මෙම කී‍්‍රඩාංගණයේදී පිත්තෙන් දස්කම් දැක්වූ ශී‍්‍ර ලාංකික කි‍්‍රඩකයින් අතරින් ඉදිරියෙන් සිටින්නේ ද්විත්ව ශතකයක් වාර්තා කළ කුමාර් සංගක්කාර සහ ශතකය බැගින් වාර්තා කළ  මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් පමණයි. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරග සංචාරයේදී එක්දින තරග 5කට සහ පන්දුවාර විස්ස තරග දෙකකටද සහභාගි වනවා. දෙරට අතර තුන්වන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ. 

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය දිවා රාති‍්‍ර තරගයක් ලෙසින් ඩුබායි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 කි‍්‍රකට් ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු දිවා රාති‍්‍ර ටෙස්ට් තරගයද මෙය වනවා. එම තරගය ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 6 වැනිදායි