Friday, May 10, 2024

General line - 0115112241

සිය අවසන් ඉනිම නොදැවී නිමා කරමින් සංගා පැමිණි මොහොත (PHOTO)




සිය අවසන් ඉනිම නොදැවී නිමා කරමින් සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඊයේ (28) සිය ක්‍රිකට්  දිවියට සමු දුන්නා. 

ඒ, එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්  තරගාවලියේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 35 ක් රැස් කරමින්. 

සරේ කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර පළමු ඉනිමේදී ලකුණු 14 කට දැවී ගියා. 

සංගක්කාර මෙවර එංගලන්ත තරගවාරයේදී ශතක 8 ක් වාර්තා කිරීමට සමත්ව තිඛෙනවා. 

එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර සංගක්කාර ලකුණු 1,491 ක් ලබමින් පසුවන්නේ 3 වන ස්ථානයේයි. 

මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේදී 106 යි දශම 5 ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමටද කුමාර් සංගක්කාර සමත් වුණා. 

පළමු පෙළ තරග 246 කට ක්‍රීඩා  කළ ඔහු සිය ක්‍රිකට්  දිවියට සමුදෙන විට ඉනිම් 430 කදී ලකුණු විසිදහස් නවසිය එකොලහක් රැස්කර තිබුණා. 

ඊට ශතක 64 ක් සහ අර්ධ ශතක 86 ක් ඇතුළත්. සිය අවසන් ඉනිම නිමා කරමින් කුමාර් සංගක්කාර ක්‍රීඩාගාරය  වෙත පැමිණියේ සිය සහෝදර සරේ ක්‍රීඩකයන්ගේ  අත්පොලසන් මැදින්.