Tuesday, April 30, 2024

General line - 0115112241

භාතිය..ජීවන්ත ඇතුළු රැසක් එක්වූ 'ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මග පෙන්වන' වැඩසටහනක ඇරඹුම  




කලාකරුවන් රැසක් සහ  ක්‍රීඩකයන් රැසක්  භෞත චිකිත්සක  වැඩසටහනක ආරම්භයට පසුගිය දා එක්ව සිටියා.

දෙහිවල පරණ දුම්රිය පොළ ප්‍රදේශයේ පිහිටි  PHYSIO MEDICARE ස්ථානයට භාතිය ජයකොඩි ඇතුළු කලාකරුවන් ද ජීවන්ත කුලතුංග ඇතුළු ක්‍රීඩකයන් ද එක්ව සිටි අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් ද හිටපු නියෝජ්‍ය අමාත්‍ය කේසරලාල් ගුණසේකර ද ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න ද එම ස්ථානයට එක්ව සිටිනු දක්නට ලැබුණා.


ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතාවයන්ද සමගින් වැඩි කාලයක් ක්‍රීඩාවේ නිතර වීම සඳහා සුදුසුකම් ලත් අත්දැකීම් බහුල භෞතචිකිත්සකවරයකුගේ මග පෙන්වීම අත්‍යවශ්‍ය කරුණක් වනවා.

ක්‍රීඩකයාගේ ක්‍රීඩා ශෛල්‍ය  භෞතචිකිත්සකවරයාගේ  නිරීක්ෂණයට ලක්විය යුතුවනවා.

ඒ නිසාම විද්‍යාත්මකව ක්‍රීඩකයන් පුහුණු කිරීම සිදු වන්නේ භෞතචිකිත්සකවරයාගේ සහ පුහුණුකරුගේ එකඟතාව මතයි.