Saturday, July 27, 2024

General line - 0115112241

ආණ්ඩුව නිසි ලෙස ගෙන යන්න නම් ප්‍රාදේශීය සභා පළාත් සභා බලය අවශ්‍යයි




ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම වත්මන් රජය විසින් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කඩා වැටුණු ආර්ථීකයක් සමග වත්මන් යහපාලන රජය රට භාරගෙන සංවර්ධන කරා ගමන් කරන බවයි ඔහු කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව කලාප සංවිධායක හමුවක් අමතමින්.

මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වර්තමානයේ දේශපාලනඥයෙකුට අවශ්‍ය වන්නේ ජනප්‍රියතාවය බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම ආණ්ඩුවේ වැඩකටයුතු කාර්යක්‍ෂම ලෙස කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභාවලට බලය අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  වැඩිදුරටත් කියා සිටියා.