Saturday, July 27, 2024

General line - 0115112241

දක‍්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක් ගිනි ගනී - ඡායාරූප මෙන්න




දක‍්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. ඒ, කහතුඩුව සහ කොට්ටාව අතර ගැලනිගම පොලිස් මුරපොල අසල ප්‍රදේශයේදීයි. 


මේ හේතුවෙන් දක‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට රථ වාහන ධාවනය කෙරෙන මන්තීරුවේ සුළු රථ වාහන තදබදයක්ද හටගෙන තිබුණා. 


ගින්න මේ වනවිට පාලනය කර ඇති බවයි දක‍්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක‍ෂ එස් ඕපනායක පැවසුවේ.

 

ඡායාරූප - සංඛ උදයප්‍රියගෙන්