Saturday, July 27, 2024

General line - 0115112241

T-56 ගිනි අවි තුනේ සිද්ධියේ සැකකරුවන් මෙන්න - හඳුනනවා නම් කියන්න (PHOTOS)




ගම්පහ රෝහල අසළදී කාර් රථයක් තුළ T-56 වර්ගයේ ගිනි අවි 03ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

ඊයේ (02) දින 5.30 ට පමණ ගම්පහ පොලිස් වසමේ ගම්පහ රෝහල අසළ සැකකටයුතු කාර් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයක් තිබී ඇති අතර එය තුළ මෙම ගිනි අවි 03 තිබී සොයා ගැණුනා.

ඒ අනුව පොලිසිය මේ වන විට සොයාගෙන ඇති පරිදි එම සැකකරුවන්ගේ තොරතුරු පහත පරිදි වෙනවා.

පළමු සැකකරු - අසංක සම්පත් කුමාර. අංක 47/ ජී / 15, සමිට්පුර, මට්ටක්කුලිය කොළඹ 15.

 

දෙවන සැකකරු - ගම්හේවගේ තාරක උදයංග. අංක 19/2, අමරතුංග මාවත, උඩහමුල්ල.

මෙම සැකකරුවන් පිළිබඳ ජනතාව තොරතුරක් දන්නේ නම් හැකි ඉක්මනින් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක  - 071 - 8591611
ගම්පහ මූලස්ථාන පොලිසිය - 033 - 2222226