දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්ව ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානම් සහිත ස්ථානවල පදිංචි ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වන බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාම් අවධානම් සහිත් ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමක්වන ලෙසයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා ඉංගිරිය බුලත්සිංහල, බදුරලිය, මදුරාවල ප්‍රදේශවල ජනතාව සැලකිළිමත් වන්නැයි ද එම නිනේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.