Friday, January 10, 2025

General line - 0115112241

පට්ටපල් බොරුවක්! මත්තල විකුණන්නේ නැහැ! සන්ධාන මහලේකම් ජනමාධ්‍යටත් දොස් නගයි




ඇතමුන් චෝදනා කරන පරිදි මත්තල ගුවන් තොටුපොල විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මත්තල ගුවන් තොටුපොල බදු දීමට හෝ මේ දක්වා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්ව නොමැති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

"ජනතාවට අපි කියන්නේ හම්බන්තොට කිසිදු දේපලක් විකිණීමට තියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමා රාජ්‍ය දේපල විකිණීම කරන්න දෙන්නේ නැහැ. එතුමා පහුගිය අපේ ආණ්ඩු සමයේම විකුණල තිබිච්ච පෝර්ට් සිටිය බදු පදනම දක්වා ආපස්සට පවා ගෙනාව නායකයෙක්. රාජ්‍ය දේපොල විකුණන්න දේනනේ නහැ."

"අවාසනාව කියන්නේ මේ රටේ ජනමාධ්‍යවත් මේ සම්බන්ධයෙන් හරි හැටි ජනතාව දැනුවත් කරන්නේ නැහැ. ඔය පිරිස කරන කියන එක පමණක් පලකරනව. ඇත්ත හරියට හොයල බලන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්වත් ඉදිරිපත් වෙලා නැහැ"

මෙරට කිසිදු රාජ්‍ය දේපලක් විකුණා දැමීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.