Friday, January 10, 2025

General line - 0115112241

25000 දඩය අයවැයට පෙර ක්‍රියාත්මකයි




රිය ධාවනයේදී රියදුරන් සිදුකරන වැරදි 5 ක් සඳහා පැනවූ රුපියල් විසි පන්දහසේ දඩය මෙවර අයවැයට පෙර කි‍්‍රයාත්මක කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. 

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ ඊට අදාළ ගැසට් නිවේදනය මෙම මාසය තුළ  නිකුත් කරනු ඇති බවයි.

නීතිමය ගැටළු සහිත තැන් නිවැදි කිරිමේ අවශ්‍යතාවක් පැවැති බැවින් එය සංශෝධනය කිරිම සඳහා නීති කෙටුම්පත් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එය ලැබුණු වහාම අදාළ  වෙනස් වීම් ගැසට් කිරිමේ හැකියාව පවතිව බවත් ඔහු කියා සිටියා.

අන්තරායකාරී ලෙස සහ අපරික්‍ෂාකාරී ලෙස රිය පැදවීම යන වරද මෙම දඩයට යටත් කිරීම සම්බන්ධයෙන් රියදුරන්ගෙන් සහ විවිධ සංගම්වලින් විරෝධය එල්ල වුණා. ‍

ඒ, පොලීසිය අත්තනෝමතිකව කි‍්‍රයා කරමින් මෙම දඩය පැනවිය හැකි බව ප‍්‍රකාශ කරමින්. ඒ අනුව අදාළ වරද සම්බන්ධයෙන් අවසන් විග‍්‍රහයක් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.