පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු ලේඛනය සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශීර්ෂය යටතේ හෝ නිලධාරියෙකුගේ අත්සනින් යුතුව නිල වශයෙන් කිසිඳු යෝජනාවක් භාරදී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එසේ ලබාදී ඇත්නම් අදාළ යෝජනා ඇතුළත් ලිපියක් ඉදිරිපත් කළ යුතු බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ.
කෙසේවෙතත් ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැක්වූයේ ඊට පරස්පර අදහසක්.
එම මාධ්‍ය හමුවට එක්වූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද
ඒ පිළිබඳ කියා සිටියේ තමන් සමග සිදුකර ගත් එකඟතාව නොසලකා කටයුතු කරන්නේ නම් කිසිඳු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරත වන බවයි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් එළඹෙන සදුදා (09) රාජ්‍ය සේවා කොමිසම සමග සාකච්ඡා කිරිමට නියමිත බවයි.
එම හමුවේ දී වඩාත් විස්තර සහිත වාර්තාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත ඉදිරිපත් කරන බව ඔහු මෙහිදී කියා සිටියා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සිය අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කර ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝගය පරිදි නැවතවරක් සක්‍රීය කර ඇති බවයි.
එලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ ලේඛනයක් බවද එහි සඳහන්.
එබැවින් ව්‍යාජ තොරතුරුවලට නොරැවටී ඒ සඳහා අයදුම් කරන ලෙස සුදුසුකම්ලත් වෛද්‍ය නිලධාරීන්ට දන්වා සිටින බවද එම නිවේදයේ සදහන්.