Friday, January 10, 2025

General line - 0115112241

රුපියල් 500 බත් පැකටට්ටුවක් දී මැරයන් අරන් ඇවිත්




 

හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන්තොටුපල විකුණා දැමීමට ආණ්ඩුව කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අමාත්‍යවරයා සහන් කළේ විදේශීය ආයෝජකයන් හා සම්බන්ධව එම ව්‍යාපෘති සාර්ථක කරගැනීම ආණ්ඩුවේ අරමුණ බවයි.

නමුත් රටේ ජනතාව නොමග යවමින් හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ (06) විරෝධතාවක් සංවිධානය කරනු ලැබුවේ මැර පිරිස් යොදාගෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම මැර පිරිස විසින් ලොපිසියට පහර දී ඇති බවත් රුපියල් 500ක බත් පැකට්ටුවකට හා අමතර මුදලකට මෙම මැර පිරිස විරෝධතාවට එක්ව සිටි බවද කියා සිටියා.

හම්බන්තොටදී ඊයේ (06) විරෝධතාවයේ නිරත වූයේ එම ව්‍යාපෘති සාර්ථක වනවාට අකමැති පිරිසක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අමත්‍යවරයා මෙම අදහස් පළකළේ දෙව්රම් වෙහෙර සහ බෝගහ වැව සමගි ජල ව්‍යාපෘතිය සංවර්ධන ව්‍යාපෘතිය සහා මුදල් පරිත්‍යාග කිරීම වෙනුවෙන් අද (07) පැවැති ජනහමුවකට එක්වෙමින්.