පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ යටතේ පිළිගත් දේශපාලන පක්ෂ දැනුවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් කියා සිටියේ.
ඡන්ද මධ්‍යස්ථාන හඳුනා ගැනීම, මැතිවරණ රාජකාරියේ නිරතවීමට නියමිත නිලධාරීන් සංගණනය වැනි කටයුතු ද මේ වනවිට සිදුවන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ.