කල්මුණේ සමන්තුරෙයි සහ තිරුක්කෝවිල් යන ප්රදේශවල නිවෙස් බිඳ දේපොළ කොල්ල කෑ පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනකුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් සතුව තිබී සොරාගන්නා ලද යතුරුපැදි 3ක්, ජංගම දුරකතන 7ක් සහ ග්රෑම් 240කට ආසන්න බරකින් යුත් රන් කැබලි කිහිපයක් ද සොයාගැනුණා.
සැකකරුවන් තිරුක්කෝවිල්, සමන්තුරෙයි, මන්ඩූර්, මඩකළපුව හා පාණ්ඩිරිප්පු යන ප්රදේශවල පදිංචිකරුවන්. ඔවුන් කල්මුණේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.