Friday, January 10, 2025

General line - 0115112241

මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ ආදායමක් නැතිනම් නඩත්තු බර ජනතාවට පැටවෙනවා




මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකුණන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය ජනතාව නොම යවන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද (07) පැවැති ජනහමුවකට එක්වෙමින්.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෙන්ම හම්බන්තොට වරායට ද ආදායම් ලබාගැනීමට කටයුතු කරන විට එය කඩා කප්පල් කිරිමට ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එසේ නොවන කල එහි නඩත්තු බර පැටවෙන්නේ ජනතාව මත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙනවා දුන්නේ.