පවතින අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් කිඹුලන් ගොඩට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
නිල්වලා ගඟෙහි පානදුගම ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නිල්වලා ගංගාවේ අතු ගංගාවක් වන කිරඹආර ද අධික වැසි හේතුවෙන් පිටාර ගැලීම හේතු කරගෙන එහි සිටින කිඹුලෙකු කඹුරුපිටිය, පලොල්පිටිය ප්‍රදේශයෙන් ගොඩට පැමිණ තිබෙනවා.
අද (15) උදෑසන මෙම කිඹුලා පැමිණ ඇති අතර කිඹුලා අසළ පිහිටි කුඹුරකට ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
කිරඹආර අතු ගංගාව තුළ කිඹුලන් බහුල වශයෙන් ජිවත් වෙනවා.
මෙම සිද්ධියත් සමග එම ප්‍රදේශවල ජනතාව බියට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.