Saturday, January 11, 2025

General line - 0115112241

පොඩි හොරකම් කරන්න එපා.. ලොකු හොරකම් කරපල්ලා " - ටිල්වින් සිල්වා 




දූෂිතයින් දේශපාලනයට ඒම වළක්වා දැනුම හැකියාව ඇති  සමාජයට සේවය කළ හැකි පුද්ගලයන්  දේශපාලනයට පැමිණිය යුතු  බව ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ලංකා ගුරු සේවා සංගමයේ 19වැනි වාර්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.


"වසර 03ක් හිරේ දැම්මාම සතියක් යන්න කලින් අභියාචනා කරලා නඩුත් අහලා ඇප අරගෙන ගෙදරත් යනවා. සාමාන්‍ය අය ඇප ගන්න බැරිව අවුරුදු ගානක් හිරේ ඉන්නවා. නාමල්ගේ ලේකම් කියන කාන්තාව ජාත්‍යන්තර වරෙන්තු පිට හිටියේ. අල්ලගත්තා. උසාවියට ඉදිරිපත් කළා. දවසින් ඇපත් දුන්නා. සිරිලිය හොරකම් ගැන කතාවක්වත් නෑ. කරනවානම් පොඩි හොරකම් කරන්න එපා ලොකු හොරකම් කරපල්ලා කියලයි මේ පණිවිඩයෙන් කියන්නේ." යනුවෙන්ද ඔහු එහිදී කියා සිටියා.