Saturday, January 11, 2025

General line - 0115112241

නාය යෑම් අනතුරු හැඟවේ - පූර්ව ලක්ෂණ මෙන්න 




පවතින අයහපත් කාලගුණය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, පැල්මඩුල්ල, බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නාය යෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ ලෙස නම් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම ප්‍රදේශවල වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ අවධානය යොමු කළ යුතු කරුණු පහත දැක්වෙනවා.

නාය යෑම් පූර්ව ලක්ෂණ 

01. පොළොවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළොවේ ගිලා බැසීම්
02. ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි සහ දුරකථන කණු සහ වැටවල් සඳහා යොදා ඇති කණු
03. ගොඩනැගිලිවල ගෙබිම සහ බිත්ති මත ඇති වන පිපිරුම් සහ ඒවායේ ක්‍රමික වර්ධනය වීම්
04. එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැති වී යාම

ඉහත කී ආකාරයේ පූර්ව ලක්ෂණ දක්නට ඇති ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(බීබීසී සංදේශය ඇසුරිනි)