Friday, May 10, 2024

General line - 0115112241

උතුරු කොරියාව සම්බන්ධයෙන් අමෙරිකාව ස්ථිර තීරණයක් ගනී (VIDEO)




උතුරු කොරියාව සම්බන්ධයෙන් පවතින ගැටලූව රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන්ම විසඳා ගැනීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අවශ්‍යතාව බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසනවා.

ඔහු කියාසිටියේ උතුරු කොරියාව පළමු බෝම්බය හෙළන තෙක් එම ක‍්‍රියාමාර්ගය ස්ථිරව ඉදිරියට යන බවයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළකළේ දකුණු කොරියාව සමග කොරියානු අර්ධද්වීපයේ සිදුකළ දැවැන්ත ඒකාබද්ධ යුද අභ්‍යාසයෙන් පසුවයි.

දිගින් දිගටම සිදුකළ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් ඉකුත් සමයේ උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර උණුසුම් වාග් සංග‍්‍රාමයක් පැවතුණා.